News & Updates
Both news media and general public can find important information
about updates, alerts and events that impact human rights in Sri Lanka

මුස්ලිම් ආගමික හා ව්‍යාපාරික මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර පිළිබඳ වාර්තාව

2017 May 25

දිවයිනේ ප්‍රදේශ ගණනාවක මුස්ලිම් දේවස්ථාන, ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කර ගනිමින් පසුගිය මාසයක කාලයක පුරා එල්ල වූ ප්‍රහාර පිළිබඳව ශ්‍රී  ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් වාර්තාවක් සකසා ඇත. 

2012-2014 අතර කාලයේ දී ද, මුස්ලිම් වාර්ගික කණ්ඩායම් හා ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කොට මෙවැනිම ප්‍රචණ්ඩක්‍රියා දිවයිනේ තැන තැන වාර්තා විය.  අලුත්ගම දී ඇති වූ වාර්ගික ගැටුම් එහි කූට ප්‍රාප්තිය බව එම වාර්තාවේ දැක්වෙයි. එදා සිදු වූ ආගමික ප්‍රචණ්ඩ ක්‍රියාවන් හා සැසදීමේ දී මෙවර ඇති මේ දක්වා වාර්තා වී ඇති ප්‍රචණ්ඩක්‍රියා වඩාත් සංවිධානාත්මක බව පෙනී යන බවත්   මහින්ද රාජපක්ෂ රජය සමයේ දී මෙන්ම 'යහපාලන රජය' යටතේ ද, වෛර භාෂාව පැතිරවීම හා ප්‍රහාර සිදු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම කැපී පෙනෙ බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය මෙම වාර්තාව මඟින් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ආගමික නිදහස සම්බන්ධයෙන් පුරවැසියන් සතු අයිතිය සුරක්ෂා කළ යුතු බව දැඩිව අවධාරණය කරයි. ආගම විශ්වාසයන් හේතුවෙන් පීඩාවට පත් නොවී සිටීමටත්, ගැටුම්වලින් ආරක්ෂාවීමටත් සෑම පුරවැසියෙකුටම අයිතියක් ඇති බවත් , අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමත්, බිය සැක දුරු කිරීමත් රජයේ වගකීමකි.  කාලීන අවශ්‍යතාවයක් බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සඳහන් කරයි.  .  'බහුතරය විසින් සුළුතරය මත බිය මානසිකත්වයක් ඇති කිරීමේ ස්වභාවයක්' මෙම ක්‍රියාවලිය තුල පවතින බවද එම වාර්තාවෙහි සඳහන් වෙයි.

සිදුවීම් වල දින වකවානු සහ සිදුවූ ප්‍රදේශ සහ ස්වභාවය ඇතුළත් සම්පූර්ණ වාර්තාව මෙතනින් කියවන්න. 
 

Search News & Updates
Keyword
Date
Date